මෙම ක්‍රීඩාවේ කථාව Assassin’s creed timeline එකට සම්බන්ධ වන්නේ Assassin’s creed Origins හි කථාවෙන් වසර ගණනාවකට පසුය. ක්‍රි.ව 873 දී නෝර්වේ රාජ්‍යයේ පැවති බල අරගලය නිසා නෝර්වීජියානු Vikingවරුන්ගේ එංගලන්ත ආගමනය පදනම් කරගෙන මෙහි storyය ගෙතී ඇත.සුපුරුදු පරිදි මෙහි වර්තමාන කථාවේ අපේ චරිතය Layla Hassan ය. අතීත කථාවේ අපේ චරිතය Eivor නම් viking වරයාය. කථාව ආරම්භයේදී Eivor කුඩා කාලයේදීම ඔහුගේ දෙමව්පියන්ට අත් වූ ඉරණමත්, ඔහුට wolf-kissed යන අනවර්ථ නාමය පටබැඳුණු ආකාරයත් පිළිබඳව ක්‍රීඩකයාට දැනගැනීමට සලස්වයි.
දෙමාපියන්ගේ මරණයෙන් පසු ඔහුව Styrbjorn රජු විසින් හදාවඩා ගන්නා අතර එම රජුගේ පුත්‍රයා වන Sigurd ව Eivor විසින් ඔහුගේ සහෝදරයෙක් ලෙස සලකන ලදී.
කථාව දෙසට හැරෙමු……………
මේ වනවිට Eivor තරුණ වියේ පසුවෙන්නෙක්. තම දෙමාපියන්ගේ ඝාතනයේ පළිය සතුරු රාජ්‍යයේ Kjotve ගෙන් ගැනීමට උත්සාහ කළ අවස්ථාවක ඔහු ඇතුළු පිරිස Kjotveගේ සිරභාරයට පත්ව ඇත. කෙසේ නමුන් මේ අවස්ථාවේදී Eivorට Kjotveගේ සෙබලුන්ගෙන් බේරී ඔවුන්ව පරාජය කර තම පිරිසද ගලවාගැනීමට හැකියාව ලැබේ. මෙම සටනේදී Kjotveගේ ප්‍රධාන සෙබලෙකු අත තිබී තම පියාගේ පොරොව ඔහුට හමුවේ. එය අතට ගන්නවාත් සමගම ඔහුට Norse mythologyහි ප්‍රධාන දෙවියන් වූ Odinගේ දර්ශනය(Odin’s sight) හිමිවේ. මේ අවස්ථාවේදී එම සිදුවීම නොසලකා හරින ඔහු තම පිරිසද මුදවාගෙන ඔවුන්ගේ රාජධානිය වූ Raven clan එකට පැමිණේ.ඉන්පසු තමා දුටු දර්ශනයන් පිළිබඳව අදහසක් ලබාගැනීමට ඔහු යන්නේ රාජ්‍යයේ ඉන්ද්‍රජාලික දැනුමැති Valka නම් කාන්තාව හමුවීමටය. Valkaගෙන් දැනගැනීමට ලැබෙන්නේ Eivor යම්දිනක Sigurd හට ද්‍රෝහිවන බව එම දර්ශනයේ අර්ථය බවය. කිසිසේත් මෙය පිළිගැනීමට අකැමති වූ Eivor එතනින් නික්මෙයි.
බියගුළු රජෙකු වූ Styrbjorn රජු Kjotve ගේ රාජ්‍යයට Eivor ඇතුළු පිරිස කළ ආක්‍රමණය පිළිබඳව මැසිවිලි නගමින් සිටියේ Eivor, Kjotveගේ රාජ්‍ය සමග යුද්ධයකට අතවනන බව පවසමිනි.
මේ අතරතුර දීර්ඝ දේශ ගවේශණයකින් පසුව Sigurd නැවත Raven clan වෙත පැමිණෙන්නේ Hidden ones නමි වූ සංවිධානයකට බැඳුණු පුද්ගලයන් දෙදෙනෙකු වූ Basim හා Hytham සමගය. Sigurdගේ නැවත පැමිණීම සැමරීමට එදින සාදයක් පැවැත්වුණු අතර assassinවරුන්ගේ signature weapon එක වන Hidden blade එක Eivorට තෑගි ලැබෙන්නේ මේ අවස්ථාවේදීය. සාදය අවසානයේදී Kjotve රාජ්‍යයෙන් තම රාජ්‍යයට එල්ලවන බලපෑම් ගැන දැනගත් Sigurd තම පියාගේ අණ නොතකා Kjotve සතු ප්‍රදේශයකට පහරදීමට තීරණය කරන ලදී. මේ අවස්ථාවේදී ඔවුන්ට හමුවන Harald රජු Kjotve පරාජය කිරීමට ඔහුගේ හමුදා බලය ලබාදෙන බව පවසයි. ඉන්පසු Sigurdගේ නායකත්වයෙන් හා Harald රජුගේ උදව් ඇතිව Kjotve රාජ්‍යයට ආක්‍රමණයක් දියත්කරන ඔවුන්ට සාර්ථක වීමට හැකිවේ. තම දෙමාපියන් ඝාතනයේ පළිය මේ අවස්ථාවේදී Eivor ලබාගන්නේ Kjotveව මරාදැමීමෙනි.ජයග්‍රහණයේ සතුට සැමරීමට පසුදින සාදයක් ලෑස්තිකරන Harald රජු ඔහුගේ රාජධානියට පැමිණ Sigurdට හා Eivorට එම සංග්‍රහයට සහභාගී වන ලෙස පවසයි. නමුත් සාදයෙන් පසුව ඔවුන්ට දැනගැනීමට ලැබෙන්නේ එතරම් සුභ පුවතක් නොවේ. Harald රජු මුළු නෝර්වේ රාජ්‍යයම තම අණසකට යටත් කරගැනීමට තීරණය කර ඇති අතර එයට Styrbjorn රජුද කැමති වී Harald රජුට යටහත් පහත්ව සේවය කිරීමට කැමති වී සිටින බව ඔවුන්ට දැනගැනීමට ලැබුණි.
තම පියාගේ බියගුළු ක්‍රියාකලාපයත්, තම රාජ්‍යයේ කිරුළ තමාට අහිමිවීමත් නිසා කෝපයට පත් වූ Sigurd තමාට හිතවත් Eivor ඇතුළු පිරිස සමග Raven clan එකෙන් නික්ම නව රාජධානියක් පිහිටුවාගැනීමේ අරමුණින් එංගලන්තයට පිටත්වෙති. ඉතින් එංගලන්තයට පැමිණෙන Vikingවරුන්ගේ අරමුණ ඉටුවේවිද? Valka පැවසූ අනාවැකිය සඵල වේවිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන යෑමේදී Eivorගේ අරමුණට බාධාකරන Order of ancients නම් රහස් සංවිධානයේ සාමාජිකයන්ද පරාජය කිරීමට සිදුවේ. Order of ancients හි ප්‍රධානියා කවුද? යන පැනයට පිළිතුර සොයාගැනීමද ඔබට භාරව ඇත……………
Gameplay ගැන කිවහොත් සුපුරුදු assassin’s creed gameplay style එක එලෙසම පවත්වාගනිමින් යම්තාක් දුරට අපගමනය වී ඇත. සුපුරුදු auto healing system එක මෙම ක්‍රීඩාව තුළ නැත. Heal වීමට නම් විවිධ පළතුරු හා ආහාර වර්ග ගතයුතුය. එය ක්‍රීඩාවට තාත්ත්වික බවක් එක්කර ඇත. Assassin’s creed Odyssey හි නොතිබූ Hidden blade එක use කිරීමට නැවත අපට හැකියාව Assassin’s creed Valhalla තුළින් ලබා දී ඇත.
ක්‍රීඩාව ලොව මෙතෙක් බිහිවූ graphics අතින් පරිපූර්ණම ක්‍රීඩාවක් යැයි කිවහොත් නිවැරදිය. Environment, Vegetation, Water details, Weather ඇතුළු අංග රාශියකින් මෙය පරිපූර්ණය. කෙතරම් තාත්ත්වික gameplay එකක් මෙහි තිබේද කිවහොත් සැබෑ Vikingවරයෙකුගේ experience එක මෙහිදී ක්‍රීඩකයාට ලැබෙනු ඇත.
නෝර්වේ හා එංගලන්තය වැනි රටවල් ගත්කළ Norse මිථ්‍යාවේ නිජබිම්ය. ඒ බව සනාථ කරමින් මෙහි Norse mythology එකටද ප්‍රධාන ස්ථානයක් දෙමින් Odin දෙවියන්ගේ ඇසෙන් Asgard දෙව්ලොව දැකීමටද එහි කටයුතු සංවිධානය කිරීමටද ක්‍රීඩකයාට හැකියාව ඇත.
Disclaimer: All My Post are Free Available On INTERNET Posted By Somebody Else, I'm Not VIOLATING Any COPYRIGHTED LAW. If Anything Is Against LAW, Please Notify Me So That It Can Be Removed. This site does not store any files on its server. All contents are provided by non-affiliated third parties.