සීඝ්‍රයෙන් රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිවේදනය කරයි.

එම කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය සඳහන් කර සිටියේ, කාර්යාලයක් තුළ ආහාර ගැනීමේ දී වැඩි වශයෙන් වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති බවය.

ඒ අනුව මුව ආවරණ නිවැරදිව පැලඳීමේ සිට පිළිපැදිය යුතු සෞඛ්‍ය කරුණු පහතින් දැක්වේ.

*වෛරසය ශරීරගත වීමට තිබෙන ප්‍රධාන ස්ථාන තුන වන්නේ මුඛය, නාසය සහ ඇසය. එම නිසා මුව ආවරණය නිසියාකාරයෙන් නාසය හා මුඛය වැහෙන ආකාරයෙන් පැලඳිය යුතුයි. ඒ නළලට හෝ බෙල්ලට පැලැඳීම නොකළ යුතුය.

*ආහාර ගැනීමේදී දෙදෙනෙකු එකවර මුව ආවරණය ඉවත් නොකර යුතුයි. දෙදෙනෙකු එකට ආහාර ගැනීමේදී ශබ්ද නගා කතා කිරීම ද සිදුනොකළ යුතුය.

*වැසිකිළියට යන විට හෝ ගිය පසු මුව ආවරණය ඉවත් නොකළ යුතුය.

*වායුසමනය කළ වාහනයක ගමන් කරන විට මුව ආවරණය කිසිසේත්ම ඉවත් නොකළ යුතුය. 

*කාර්යාලයේ දී කිසි විටෙකත් මුව ආවරණය ඉවත් නොකළ යුතුය. මුව ආවරණය ඉවත් කරන සුළු මොහොතක හෝ  ඩෙල්ටා වැනි භයානක වෛරස ශරීරගත විය හැකිය.

*ආහාර ගැනීමේදී මුව ආවරණය ඉවත් කිරීමට සිදුවනවා. ඒ මොහොතේ දී මුව ආවරණය යට තිබෙන පටි දෙකෙන් ඉතා පරිස්සමින් ඉවත්කර බෑගයක්  තුළට හෝ ටිෂු කඩදාසියක් උඩ තැබිය යුතුය. වෙනත් ස්ථානයක තැබීමෙන් එහි විෂබීජ දැවටීමට පුළුවන්ය. 

*මාළු වෙළෙඳපොළ, එළවළු වෙළෙඳපොළ වැනි ස්ථානවල බර වැඩ කරන අය වෙහෙස නිසා මුඛ ආවරණය ඉවත් කරනවා කිසිසේත්ම එය නොකළ යුතුය. 

*කණ්ණාඩි පලඳින අයෙකු නම්, කණ්ණාඩිය ඉවත් කර නැවත පැලඳීමේ දී සබන් යොදා පිරිසුදු කළ යුතුය

Disclaimer: All My Post are Free Available On INTERNET Posted By Somebody Else, I'm Not VIOLATING Any COPYRIGHTED LAW. If Anything Is Against LAW, Please Notify Me So That It Can Be Removed. This site does not store any files on its server. All contents are provided by non-affiliated third parties.

Pro Copyright © 2022 

Pixayon